International29 April 2013

ලිබියාවේ විදේශ අමාත්‍යාංශය වටලයි.

ලිබියාවේ විදේශ අමාත්‍යාංශය තුවක්කුකරුවන් පිරිසක් විසින් වටලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. ටි‍්‍රපොලි නගරයේ පිහිටි මෙම ගොඩනැගිලි සංකීර්ණය තුවක්කුකරුවන් වටලා ඇත්තේ ගඩාෆි හිතවාදී නිලධාරීන් තවදුරටත් එහි රාජකාරි කරන බව පවසමින්. ඔවුන් එම තනතුරුවලින් ඉවත් කරන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ. එරට අග්‍රාමාත්‍ය අලි සයිඩර් ප්‍රකාශ කළේ රට අස්ථාවර කිරීමට උත්සාහ දරණ මෙම තුවක්කුකරුවන් එළවා දැමීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත්, තුවක්කුකරුවන් තම ඉල්ලීම් ලැබෙන තුරු ලිබියානු විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල අවට රැදී සිටින බවයි නවතම විදෙස් වාර්තා සදහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes