අපේ ඉඩම් ඕනෑ - වලිකාමම් ජනතාව.

Monday, 29 April 2013 - 19:46

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%91+-+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80.


වලිකාමම් උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා පවරාගත් තම ඉඩම් ඉක්මනින් නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ඉඩම් අහිමිවූ වලිකාමම් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. අද උදෑසන සිට වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූවන් කියා සිටියේ සුපුරුදු වාසස්ථාන අහිමිවීමෙන් තම ජීවිත  මුළුමනින්ම අඩාල වී ඇති බවයි. උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මාවෙයි සේනාධිරාජා එම්.ඒ. සුමන්දිරන්, එස්.ශ්‍රීධරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම ස්ථානයට පැමිණියා. එහිදී අදහස් දැක්වූ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරම් සුහිර්දන්.

 
[MP3]s58042_1[/MP3]

යුද්ධය හේතුවෙන් උතුරේ මුස්ලිම් ජනතාවට අහිිමිවූ ඉඩම් තවමත් ලැබී නොමැති බව ද අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළා.

 
[MP3]s58042_2[/MP3]

කෙසේ වෙතත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ආරක්ෂක අංශ විසින් භාවිත කළ ඉඩම් අක්කර 12,000 කට අධික ප්‍රමාණයක් මීට පෙර සිවිල් ජනතාවට නැවත ලබාදීමට කටයුතු කළ බවයි. එමෙන්ම, ආරක්ෂක අවශ්‍යතාවයන් සලකා බැලීමෙන් අනතුරුව අනෙකුත් ඉඩම් ද ජනතාවට ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියා.

[MP3]s58042_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories