උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම සියයට 95කින් අවසන්.

Tuesday, 30 April 2013 - 9:07

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+95%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.



එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ බිම්බෝම්බ 95% ක් ඉවත් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබඳ ජාතික මධ්‍යස්ථානය මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉතිරි බිම්බෝම්බ සාර්ථක ලෙස ඉවත් කරමින් සිටින බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. බිම්බෝම්බ ඉවත් කිරීමට ඇති අවසන් වර්ග කිලෝමීටර් 96 හි බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා යුද හමුදා ඉංජිනේරු බලකාය ද දායක වී සිටිනවා. යුද්ධය අවසන්වීමෙන් පසු සිවිල් වැසියන් එම ප්‍රදේශවල යළි පදිංචි කිරීමට රජයට අවශ්‍ය වූවද ඊට බාධාවක්ද පැවතියේ බිම්බෝම්බ උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල වළලා තිබීමයි. එහෙත් රජය මේ වනවිට බිම් බෝම්බ ඉවත් කිරීමේ අභියෝගයද සාර්ථකව නිමකරමින් පවතිනවා.  ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, ඉන්දියාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජයට සහය ලබා දී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories