වැඩිකළ විදුලිබිලම අඩු කරන්න. - එජාපය.

Tuesday, 30 April 2013 - 12:40

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ඉහළ දැමූ විදුලි බිල සම්පූර්ණයෙන්ම අඩු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (30) පැවැති මාධ්‍ය හමුකදී මේ බව කියා සිටියේ ඉහළ දැමූ විදුලිබිලෙන් යම් ප්‍රතිශතයක් අඩු කිරිමට යන බවට පළ වූ වාර්තා පිළිබදව අදහස් දක්වමින්.


ඒකක 150ට අඩුවෙන් භාවිත කරන ජනතාවට සහන සලසමින් ඉහළ ගිය විදුලිබිලෙන් සියයට 20ක් පමණ අඩු කිරීමට යන බවට පුවත්පත් වාර්තා පළව තිබුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ එවැනි ප්‍රතිශතයක් අඩු කළත් සියයට 80ක විදුලි ගාස්තු ඉහළ යාමක් ඒ තුළ සැගව තිබෙන බවයි. එම නිසා සංශෝධන නොකර වැඩි කළ විදුලිබිල සම්පූර්ණයෙන්ම අඩු කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (30) පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.  

[MP3]s58077_1[/MP3]                     

මේ අතර, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද අද (30) කොළඹ දී මාධ්‍ය  හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති නන්දික පතිරගේ සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් තම ප්‍රතිරූපයන් වර්ධනය කර ගැනීමට විදුලි ඉංජිනේරුවන් අක්‍රමිකතාවල යෙදෙන බව සඳහන් කරමින් විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවයි. හැකි නම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස ඔහු කියා සිටියා.

[MP3]s58077_2[/MP3]                                                                          

ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික බලාගාරවලින් ලබා ගන්නා විදුලිය ලබා ගැනීමෙන් වැළකී සිටිය හැකි ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු කියා සිටියේ විදේශීය සමාගම් සමග එක්ව අදාළ පෞද්ගලික සමාගම් විදුලිය නිෂ්පාදනය කර විදුලිබල මණ්ඩලයට ලබාදෙන බැවින් එහි ගැටළු පවතින බවයි. රජය විසින් ඒ සඳහා ලබාදී ඇති වගකීම් සහතිකය අහෝසි කළොත් පමණක් එය නතර කළ හැකි බව ද විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ වැඩිදුරටත් සදහන් කළා. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් මගින් රජය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටිය හැකි බව ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories