උසස් පෙළේ කිසිදු විෂයක් ඉවත් වන්නේ නැහැ. අධ්‍යාපන ඇමති.

Tuesday, 30 April 2013 - 19:44

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

උසස් පෙළ විභාගයට අදාළව කිසිඳු විෂයක් ඉවත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ නව විෂය ධාරාවන් සහිත තාක්ෂණ විෂය ධාරාවක් උසස් පෙළ විභාගයට අලූතින් එක් කර ඇති බවයි. දැනට උසස් පෙළ විභාගයට අනුමත කර විභාග දෙපාර්තමේන්තුව විසින් පත්වනු ලබන විභාගයේ කිසිදු විෂයක් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඒ අනුව තීරණය කර නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා. හඳුන්වා දීමට නියමිත නව තාක්ෂණික විෂය ධාරාව යටතේ  ඉංජිනේරු තාක්ෂණය හා තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයයන් ඇතුළත්. නව විෂය ධාරාව ජූලි මස 15 වැනිදා සිට හඳුන්වාදීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාපාර සංඛ්‍යානය විෂය උසස් පෙළ විභාගයෙන් ඉවත් කරන බවට අද පුවත්පත් වාර්තා පළව තිබුණා. ඒ පිළිබදව අදහස් දක්වමිනුයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories