ආර්ථිකය නිවැරදි දිශාවට යොමුකරන්න වැඩ කරන ජනතාව අත්‍යාවශ්‍යයි. - ජනපති.

Wednesday, 01 May 2013 - 7:36

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

කම්කරු අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙන ලෝකයේ කම්කරු ජනතාව සමග එක්ව සහෝදරත්වයෙන් යුතුව කම්කරු දිනය සමරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ වැඩකරන ජනතාව හෙලූ දහඩිය කඳුලූ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය දැඩි ගෞරවයෙන් යුතුව ඔවුන් වෙත පුද කරන බවයි. ජාතික ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කිරීමට රටේ වැඩකරන ජනතාවගේ දායකත්වය ප්‍රබලම සාධකයක් වන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සමස්ත කම්කරු ජනයා දැඩි සහෝදරත්වයෙන් සමරන කම්කරු දිනයට සුභපැතුම් එක් කිරිමට හැකිවීම තමන් ලද භාග්‍යයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සඳහන් කරන්නේ. ජාති ආගම් පාට පක්ෂ බේදයෙන් තොරව සියලූම කම්කරුවන් නගා සිටුවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි අග්‍රාමාත්‍යවරයා මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අනාගතය පිළිබඳ කිසිදු යහපත් අපේක්ෂාවකින් තොරව වැඩකරන ජනතාව අද මැයි දිනය සමරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රැකියාවේ අභිවෘද්ධිය, ජීවිතයේ වැඩිදියුණුව, දරුවන්ගේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු සියල්ල සුන්වී ගොස් ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණද මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වැඩකරන ජනතාව සමාජ, ආර්ථික දේශපාලන හා සදාචාරමය අර්බුද රැසකට මුහුණපා ඇති බවයි.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සහ ජනතාවට එරෙහිව තිබෙන බලවේගවලට සියලූ පාර්ශව එක්ව සටන් කළ යුතු කාලය එළඹ ඇති බව දෙමළ ජාතික සන්ධානය සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම ලංකා සමසමාජ පක්ෂය සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසන්නේ විදුලිබිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙසයි.

අද (01) දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික නිදහස් පෙරමුණද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබන්නේ නව අභියෝග රැසකට මුහුණදී ඇති මොහොතක බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සිය මැයි දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ සමස්ත කම්කරු පන්තිය වෙනුවෙන් පීඩිත බලවේගයන් ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ වැඩකරන ජනතාව හා පොදු ජනතාව සමාජ දේශපාලන හා ආර්ථික අභියෝගයන් රැසකට මුහුණදී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories