ඉන්ෆ්ලූවන්සා මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් වෙයි.

Wednesday, 01 May 2013 - 12:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



ඉන්ෆ්ලූවන්සා රෝගය පැතිරයාම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ ඉන්ෆ්ලූවන්සා රෝගය වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය සේවකයන්ටද විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බවයි.

 [MP3]s58129[/MP3]

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගැබිණි මව්වරුන් කිහිප දෙනෙකුට ඉන්ෆ්ලූවන්සා රෝගය වැළඳුණු අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මීට අමතරව ද සොයිසා කාන්තා රෝහලෙන්ද ඉන්ෆ්ලූවන්සා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී තිබුණා. මීට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට ඉන්ෆ්ලූවන්සා වැළඳුණු රෝගීන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories