විදුලි බිල වැඩිවීමට හේතුව විපක්ෂ නායකවරයා පහදයි.

Thursday, 02 May 2013 - 7:44

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ රට දෙකඩ කරන මිනිසුන්ගේ වුවමනාවන් පිරිමැසීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයි රැළියට කොළඹ - කැම්බල් පිටියේදී ඊයේ (01) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ඊළමට පන්දම් ඇල්ලූ පුද්ගලයන් දැන් නැවත රට බෙදීමට එම පන්දම් අල්ලන බවයි.

 

[MP3]s58166_1[/MP3]

 

කෙසේ වෙතත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුරුණෑගල මාළිගාපිටියේ ඊයේ පැවති මැයි රැළිය අමතමින් සඳහන් කළේ විදුලි බිල වැඩිවීමට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව එයාර් බස් 10 ක් මිලදී ගැනීමට සිදුවීම බවයි.

 

[MP3]s58166_2[/MP3]

 

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය පැවැත්වුනේ කොළඹ හැව්ලොක් ටවුමේ බී ආර් සී පිටියේදියි. එම මැයි රැළියට එක්වූ එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සඳහන් කළේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට සියලූදෙනා එක්විය යුතු බවයි.

 

[MP3]s58166_3[/MP3]

 

 

සමාජවාදී ජීවිතයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය පැවැත්වුවේ කොටහේන - රත්නම් ක්‍රීඩාංගනයේදීයි. මේ එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිීක සේනාධීර ගුණතිලක

 

[MP3]s58166_4[/MP3]

 

ජාතික නිදහස් පෙරමුණ මෙවර වෙනම මැයි රැලියක් සංවිධානය කර තිබුණේ මාලිගාවත්ත පී.ඞී. සිරිසේන ක්‍රීඩාංගනයේදීයි. මේ එහිදී අදහස් දැක්වූ එහි නායක අමාත්‍ය විමල් වීරවංශ.

 

[MP3]s58166_5[/MP3]

 

සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද මෙවර පළමුවරට ඊයේ දිනයේදී මැයි දින රැලියක් සංවිධාන කර තිබුණේ බත්තරමුල්ල - පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි. එම අවස්ථාවට එක්වූ එහි නායක සරත් ෆොන්සේකා සඳහන් කළේ කම්කරුවාගේ සුභසිද්ධිය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

 
[MP3]s58166_6[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories