මෙරට බලශක්ති සංවර්ධනයට ජපානය.

Thursday, 02 May 2013 - 18:56

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.


මෙරට බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ජපානය කැමැත්ත පළ කර තිබෙනවා. අද (02) උදෑසන ජපානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝ ජනාධිපති මන්දිරයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන බලශක්ති ක්‍රමවේදයන් ආර්ථික සංවර්ධනයට වඩාත් පුළුල්ව උපයෝගී කරගත හැකි ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා දැනට ජපානයේ තිබෙන බලශක්ති තාක්ෂණය ඉදිරියේදී ලබාදීමට මෙහිදී එකඟතාවය පළ වී තිබෙනවා. මීට අමතරව දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනයට සහ ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන්ද දෙරටේ රාජ්‍ය නායකයන් අතර අදහස් හුවමාරු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙහිදී ආර්ථික හා දේශපාලනික වශයෙන් ජපානයෙන් ලැබෙන අඛණ්ඩ සහය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝ වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.

 

ජපානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝ සහ ජපාන පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය යුකෝ ඔබුචි ඇතුලූ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (01) රාත්‍රියේ දිවයිනට පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories