තමිල්නාඩු ප්‍රාන්ත සභාවෙන් ශ්‍රී ලංකාවට එරෙහි තවත් යෝජනාවක්.

Saturday, 04 May 2013 - 8:04

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

1974 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පැවරූ කච්චතිව් දූපත නැවත ඉන්දියාව විසින් අත්පත් කර ගත යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඊයේ (03) යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා. එහිදී ඔවුන් කියා සිටියේ කච්චතිව් දූපත තමිල්නාඩු ධීවරයන්ගේ සාම්ප්‍රදායික මත්ස්‍ය භූමියක් බවයි. කච්චතිව් දූපත හරහා වැටී ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව තරණය කිරීම නිසා තමන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වන බවට ඉන්දීය ධීවරයන් පවසන්නේ යැයි ප්‍රාන්ත සභාවේදී ප්‍රකාශ වුණා. කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගත යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව වෙත යෝජනාව ඉදිරිපත් කළේ ද තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින්. කච්චතිව් දූපත යළි පවරා ගත යුතු බවට ජයලලිතා විසින් 2011 වසරේ දී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ යෝජනාවක් සම්මත කර ගත්තා. එහිදී ඇය කියා සිටියේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සඳහා 1974 සහ 1976 වසර වලදී ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම් ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවයි. ජයලලිතාගේ නවතම පියවර ශ්‍රී ලංකාවට එරෙහි හඬක් නගමින් තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම බව විචාරකයන්ගේ අදහසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories