එකමුතු වෙන්න. - අස්ගිරි මහනාහිමි කියයි.

Saturday, 04 May 2013 - 8:59

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

වාද භේද අමතක කර සියලූ දෙනා එක්වී කටයුතු කරන්නේ නම්, රටට එරෙහි බලවේග පරාජය කළ හැකි බව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ වැවිළි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී මහනාහිමියන් ඊයේ (03) බැහැ දුටු අවස්ථාවේදියි.

 

මෙරට බහුතර දේශපාලනඥයන් බල තණ්හාවෙන් කටයුතු කරනවා මිස රට ගොඩනැගීම පිළිබද උනන්දු වන්නේ නැහැ. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් දැරුවත්, ඒවා අමතක කර රට සහ ජාතිය වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතුයි. එම නිසා දැන්වත් රට ගොඩනැගීමට සියලූ දෙනා එක්විය යුතු බව ද අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදයක් පවතින බවට ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ඇතැමුන් ප්‍රචාර ගෙන යාමට උත්සාහ කළ බවයි. එහෙත් ඒවා පරාජය කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

 

[MP3]s58316[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories