1998 වසරේ කිලිනොච්චි - ඉරණතිව් මුහුදු තීරයේ දී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් කඩා වැටුණු ඇන්ටනොව් 24 - ලයන් එයාර් ගුවන් යානයේ කොටස් ගොඩගැනීම අද (04) තවදුරටත් සිදුකෙරෙනවා. ඒ පිළිබද විස්තරයක් ගෙන එන වව්නියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත.
[MP3]s58332_1[/MP3]
වසර 13කට පෙර සිදුවූ ලයන් එයාර් ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය මෙතෙක් පැවතුණේ අභිරහසක් ලෙසයි. එහෙත් අත්අඩංගුවට ගනු ලැබූ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු සිදුකළ පාපොච්චාරණයකට අනුව එම ගුවන් යානය කඩා වැටී ඇති ස්ථානය සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුවයි එහි සුන්බුන් ගොඩනැගීමට පියවර ගෙන ඇත්තේ. ලයන් එයාර් ගුවන් යානය කඩා වැටීම සහ ඒ පිළිබද සිදුකෙරෙන නව පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.
[MP3]s58332_2[/MP3]
Follow US
Most Viewed Stories