රුහුණු සරසවියේ සිසුන් 5 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි.

Saturday, 04 May 2013 - 13:33

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

නවක වද සිද්ධීන්ට සම්බන්ධ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ මෙන්ම කළමනාකරණ පීඨයේ සිසුන් ද ඒ අතර සිටින බවයි. මෙම 5 දෙනා අතර සිසුවියන් දෙදෙනෙකු ද සිටීම විශේෂත්වයක්. එම සිසුවියන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ අතර, ශිෂ්‍යභාවය අහෝසි කළ අනෙක් සිසුන් තුන්දෙනා දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියා. නවක වද සිද්ධීන්ට සම්බන්ධ අනෙකුත් සිසුන් පිළිබදව ද විධිමත් පරීක්ෂණ මේ වන විට සිදුකරන බව උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories