කොළඹ කුණු වර්ගීකරණය ලබන සතියේ සිට.

Sunday, 05 May 2013 - 12:54

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

කොළඹ මහනගර සභා ප්‍රදේශය තුළ එකතු වන කුණු කසල ලබන සතියේ සිට වර්ගීකරණයකට ලක් කර ලබා ගැනීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබෙනවා. එහි නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එමගින් නගරයේ එකතු වන කුණුකසල සියයට 20 කින් පමණ අඩු කර ගැනීමේ හැකියාව පවතින බවයි. දැනට කොළඹ නගරයේ කුණු කසල බැහැර කරන්නේ මීතොටමුල්ල - පොතුවිල්කුඹුර ප්‍රදේශයටයි. කෙසේ වෙතත්, මෙලෙස කුණුකසල බැහැර කිරීමට විරෝධය දක්වමින් පසුගියදා ප්‍රදේශයේ ජනතාව උපවාසයක ද නිරත වුණා. වෙන් වෙන් වශයෙන් කුණු කසල භාර ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද මහනගර සභාව විසින් සකස් කර ඇති බවයි නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් කියා සිටියේ.

[MP3]s58387[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories