මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් ජ වි පෙ මේ සතියේ අධිකරණයට.

Monday, 06 May 2013 - 7:52

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2+%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

මාතලේ සමූහ මිනී වළ සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග මේ සතිය තුළ දී ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

 
[MP3]s58425[/MP3]

මේ වන විට මාතලේ සමූහ මිනී වළ පිළිබදව සෙවීමට ජනාධිපති කොමිසමක් ද පත් කර තිබෙනවා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියේ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණයක් පත් කළ යුතු බවයි. පරීක්ෂණයක අවශ්‍යතාවය පිළිබදව මාධ්‍ය හමු කිහිපයකදී එක්සත් ජාතික පක්ෂය ද අවධාරණය කළා.
 
2012 වසරේ නොවැම්බර් 23 වැනි දා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. පසුව මිනිස් ඇට සැකිලි 154ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories