වායු ගෝලයේ කැළඹීමක්. දිවයින පුරා තද වැසි.

Monday, 06 May 2013 - 7:57

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (06) දිනයේදීත් දිවයින පුරා ගිගුරුම් සහිත තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින අවට වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වයක්ද පවතින බවයි.  අද දවසේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.

[MP3]s58428_1[/MP3]
 

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 479කට අයත් පුද්ගලයන් 2212 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 81කට අයත් පුද්ගලයන් 331 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් කඳවුරු 4ක රදවා සහන සැලසීමේ කටයුතු සිදුකරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සදහන් කළේ.

 
[MP3]s58428_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories