TNA අර්බුදයක. - නායකත්වයේ වෙනසක්.

Monday, 06 May 2013 - 19:17

TNA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A.+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

දෙමළ ජාතික සන්ධානය නව නායකයෙකු යටතේ ලියාපදිංචි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වනවා. ඒ, දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ ඇති මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන්. එම සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් හෙවත් තමිල් අරුසු කච්චි මෙම ලියාපදිංචියට සිය විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වුවත් අනෙකුත් පාර්ශවකරුවන් වන ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටී.යූ.එල්.එෆ්. යන පක්ෂ මේ වන විට ෆෙඩරල් පක්ෂය නොමැතිව දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට සූදානම්වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ටෙලෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන එම්.කේ. සිවාජිලිංගම්.

[MP3]s58470_1[/MP3]                                                                                

දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති මෙම මතභේදකාරී තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනිදා එම සන්ධානයේ නායකයින්ගේ සාකච්ඡාවක් කැදවා ඇති බව ද එම්.කේ. සිවාජිලිංගම් වැඩිදුරටත් සදහන් කළා.

[MP3]s58470_2[/MP3]
 
දෙමළ ජාතික සන්ධානයට අයත් ටෙලෝ සංවිධානයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් විසින් ද, ඊ.පී.ආර්.එල්.එෆ්. හි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේ්මචන්ද්‍රන් විසින් ද, ප්ලොට් සංවිධානයේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් විසින් ද, ටී.යූ.එල්.එෆ්. හි නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී විසින් ද හොඹවනු ලබනවා. ඒ අනුව ෆෙඩරල් පක්ෂය නොමැතිව දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කළහොත් එහි නායකත්වයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී පත්වනු ඇති බවයි එම සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories