ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය අද.

Tuesday, 07 May 2013 - 7:41

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි. පසුගිය පෙබරවාරි මස 19 වන දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාර දෙනු ලැබුවේ රිසානා නෆීගේ ජීවිතය බේරා ගැනීමට අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු සිදුනොකළ බව සදහන් කරමින්. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

[MP3]s58485_1[/MP3]

කෙසේ වෙතත්, ඊයේ (06) කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම විශ්වාසභංගයට හේතුව මෙරට ක්‍රියාත්මක වන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය බවයි. .
 
[MP3]s58485_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories