General07 May 2013

ශ්‍රී ලංකාව බොහෝ දේ කළ යුතුයි. - ඇමරිකාව.


ඇතැම් අංශවලින් ලබා ඇති ප්‍රගතිය තමන් පිළි ගන්නා නමුදු සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවත් බොහෝ දෑ කළ යුතු බව මෙරට ඇමරිකානු තානාපතිනී මිචෙල් ජේ. සිසොන් පවසනවා. ට්විටර් අන්තර් ජාල ප්‍රජා සම්බන්ධතා වෙඞ් අඩවිය ඔස්සේ ඊයේ (06) සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය කියා සිටියේ යටිතල පහසුකම් සංවර්ධනය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම අතින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවයි. එය අන්තර් ජාතික ප්‍රජාව විසින් ද පිළිගන්නා කරුණක්. එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ දී මෙන්ම ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ මත කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවේ මන්දගාමී බවක් දිස්වන්නේ යැයි ඇමරිකානු තානාපතිනිය සදහන් කළා.

 
එමෙන්ම ලක් රජය මීට වඩා සිවිල් සමාජයේ අදහස් සැලකිල්ලට ගත යුතු බවත්, තානාපතිනී මිචෙල් ජේ. සිසොන් අවධාරණය කරනවා. ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය 1997 වසරේ සිට ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළා. ඇමරිකාව ඉල්ලා සිටින්නේ යුද්ධයේ දී දෙපාර්ශවයෙන්ම සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබදව සොයා බැලීමටයි. ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ජනතාව අතර ශක්තිමත් සබඳතාවත් අඛණ්ඩව පවතින බවත්, තානාපතිනිය කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes