අධික වර්ෂාවෙන් කොළඹ සහ ගම්පහ පමණක් 84,318 කට පීඩා.

Tuesday, 07 May 2013 - 19:15

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+84%2C318+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F.


බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ ඇති වී තිබෙන අවපීඩනය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුවහොත් සුළි කුණාටුවක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් එවැනි තත්ත්වයක සලකුණක් මෙතෙක් දක්නට නොලැබන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කර තිබූ අනාවැකියක් පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දැනට ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ පවතින්නේ කැළඹිලි සහගත තත්ත්වයක් පමණක් බවයි. කෙසේ වෙතත්, අද දිනයේදීත් රාත්‍රි කාලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

[MP3]s58540_1[/MP3]      

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දැඩි පීඩාවට පත්වන තරමේ බලපෑමක් මතුව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටයි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 12,672 කට අයත් පුද්ගලයින් 61,318 ක් පීඩාවට පත්වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 5410 කට අයත් පුද්ගලයින් 23,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s58540_2[/MP3]

මේ අතර, අද පස්වරුවේ හලාවත වෙරළබඩ ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් නිවාස     19 කට හානි සිදුවී තිබෙනවා. පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ නිවාසවල වහලවල් වලට මෙම සුළඟින් දැඩි හානි සිදුව ඇති බවයි. නමුත් ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර්තා නොවන බවද පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු වර්ෂාපතනය හේතුවෙන් වත්තල - කිඹුලාපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. එමඟින් පීඩාවට පත්ව සිටින එම ප්‍රදේශවාසීන් සඳහන් කළේ තමන්ට මෙතෙක් බලධාරීන්ගෙන් සහනයක් ලැබී නොමැති බවයි.

[MP3]s58540_3[/MP3] 

දිවයිනට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න.
 
[MP3]s58540_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories