ප්‍රේමය වරද්දා ගත් විශ්‍රාමික ග්‍රාමනිලධාරි රිමාන්ඩ්.

Wednesday, 08 May 2013 - 12:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.


17 හැවිරිදි බාලවයස්කාර දැරියකට පෙම් හසුනක් ලබා දුන් 60 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ ගලෙන්බිඳුනු වැව, ගෝමරංකල්ල, යාය 5 ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙක්.  මොහු පසුගියදා ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම 17 හැවිරිදි බාල වයස්කාර දැරිය පමණයි. එහිදී මොහු අදාළ දැරියට ආදරය ප්‍රකාශ කොට පෙම් හසුනක් ලබාදී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් ගලෙන්බිඳුනු වැව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව සඳහන්. ඉන් අනතුරුවයි, පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අද 60 හැවිරිදි මෙම විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයා අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories