හලාවත බස් වර්ජනය තවදුරටත්. - බස්රථවලට පොලිස් ආරක්ෂාව.

Wednesday, 08 May 2013 - 13:02

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80.

හලාවත -  කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද (08) දෙවන දිනටත්, ක්‍රියාත්මකයි. වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු, හලාවත - කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව පවසමින් ඔවුන් ඊයේ මෙම වර්ජනය ආරම්භ කළා. අද දිනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් බලධාරින් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් හලාවත මගී ප්‍රවාහන සමාගමේ සේවකයින් හලාවත නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක ද නිරත වුණා. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති චමින්ද හංස.

[MP3]s58567_1[/MP3]                                     

මෙම වර්ජනය හේතුවෙන්, හලාවත නගරය පසුකර ධාවනය කරන දුරගමන් පෞද්ගලික බස් රථ සඳහා පොලිස් ආරක්ෂාව ද අද දිනයේ යොදවා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, රොෂාන් ගුණවර්ධනගෙන් ද කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දැනටමත්, පොලිස් භාරයට ගෙන ඇති බවයි.

[MP3]s58567_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories