මාතලේ සමූහ මිනීවළට දිවුරුම් පෙත්සම් 13 ක්.

Wednesday, 08 May 2013 - 19:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%85%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+13+%E0%B6%9A%E0%B7%8A.

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් මාතලේ අධිකරණයේ විභාගවන නඩුවට අදාළව දිවුරුම් පෙත්සම් 13 ක් අද ඉදිරිපත් වුණා. 1988 - 89 සමයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වලින් ඉල්ලා ඇත්තේ තම ඥාතීන්ගේ අස්ථි මෙම මිනී වලේ ඇති බවට සැක කෙරෙන බැවින් ඒවා පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

2012 වසරේ නොවැම්බර් 23 වැනි දා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. පසුව මිනිස් ඇට සැකිලි 154ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි.

අද ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ කරුණු සළකා බැලූ මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා පෙත්සම්කරුවන් 13දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස පිළිගන්නා බව සඳහන් කළා. ඔවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මෙම දිවුරුම් පෙත්සම් පිළිබඳව සළකා බලා අනිද්දා දිනයේ ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සුනිල් වටගල ඇතුලූ නීතීඥවරුන් දසදෙනෙක් අද පෙනී සිටියා. අධිකරණයේ ක්‍රියාදාමය පිළිබඳ පැහැදිළි කිරීමක් කළ නීතීඥ සුනිල් වටගල.

[MP3]s58587_1[/MP3]

මාතලේ සමූහ මිනීවල තුළ තම ඥාතීන්ගේ අස්ථි කොටස් ඇතැයි සැක කරමින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ 13 දෙනාගෙන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

[MP3]s58587_2[/MP3]

මෙම පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
 
[MP3]s58587_3[/MP3]       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories