විදුලි බිලේ නව යෝජනාව ගැන උපයෝගීතා කොමිසමේ තීරණය අද.

Wednesday, 08 May 2013 - 19:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බිලට ලබාදුන් සහනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම අද සළකා බලනවා. එම කොමිසම අද (08)  පස්වරුවේ රැස්වීමට නියමිතව තිබුණා. කොමිසමේද එකඟත්වය මත අදාල සහනය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මීට ටිකවේලාවකට පෙර නිවේදනය කළා.

ජනාධිපතිවරයා ලබාදුන් සහනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළා. එහෙත් එමගින් ඒකක 60 ට අඩු පාරිභෝගිකයන්ටත් සියයට 33 ක පමණ විදුලි බිලේ ඉහළ යාමක් යෝජනාවී තිබූ බවයි වාර්තාවුණේ. මේ නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප වූ බව උපයෝගීතා කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා. මේ අනුවයි විදුලි බල මණ්ඩලය යළ්ි යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ.

විදුලිබල මණ්ඩලයේ නව යෝජනාව අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයට අය කෙරෙන්නේ කලින් පැවති රුපියල් 3 ක ගාස්තුව පමණයි. ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන්නේද කලින් පැවති ඒකක මිල වන රුපියල් 4 යි ශත 70 බැගින්. එවිට ඒකක 30 දක්වා විදුලි බිල රුපියල් 142 යි ශත 50 ක් බවට පත්වනවා. ඒකක 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයකට රුපියල් හතරයි ශත හැත්තෑව බැගින් අයවන නිසා මාසික බිල රුපියල් 412 යි ශත 50 ක් බවට පත්වන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. එහෙත් ගාස්තු සංශෝධනයට පෙර එහි මාසික බිල්පතේ අගය රුපියල් 371 යි ශත 85 ක්.

කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමීමට මීට පෙර ගත් තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මේ මස 21 වැනිදා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කළා. ඒ සම්බන්ධයෙන් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග සිරිකොතේදී සාකච්ඡා කළ බවයි එම කමිටුවේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පැවසුවේ.


[MP3]s58590_1[/MP3]                    

මෙම  සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන ද එක්ව සිටියා. ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂය 21 වැනිදා වර්ජනයට සහය පළ කිරීමට තීරණය කළ බවයි.


[MP3]s58590_2[/MP3]                                    
 
වැඩවර්ජනය සංවිධාන කරන වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද මුණ ගැසී සාකච්ඡා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories