හම්බන්තොටට ඔබ්බෙන් මුහුදේ ධීවර අවදානම තවදුරටත්.

Thursday, 09 May 2013 - 7:38

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

දිවයිනට නැගෙනහිරින් ස්ථාපිත වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් අද දිනයේදීත් හම්බන්තොටට ඔබ්බෙන් මුහුදේ ධීවර හා නාවික ප්‍රජාව සඳහා පනවා තිබූ අවදානම තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ සඳහන් කළේ මෙම අඩු පීඩන කලාපය තවදුරටත් හම්බන්තොටට  කිලෝමීටර් 800 ක් නැගෙනහිර දෙසින් වර්ධනය වෙමින් පවතින බවයි.

 

[MP3]s58608_1[/MP3]

 

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර සඳහන් කළේ පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 9148 ක් දක්වා අඩුවී ඇති බවයි.

 
[MP3]s58608_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories