උපයෝගීතා කොමිසමෙන් නව විදුලි ගාස්තු ක්‍රමයක්.

Thursday, 09 May 2013 - 18:54

%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අප්‍රේල් 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව විදුලි ගාස්තු ක්‍රමයක් මහජන උපයෝගීතා කොමිසම අද (09) අනුමත කළා. ඒ අනුව පෙර පැවති කාණ්ඩ මිල ක්‍රමය යළිත් ක්‍රියාත්මක වනවා. එනම් පාරිභෝජනය කරන විවිධ ඒකක කාණ්ඩ සඳහා විවිධ ඒකක මිල ගණන් අදාළ වන ක්‍රමයයි. එවිට සමස්ත පාරිභෝජනය අදාළ වන කාණ්ඩයේ ඒකක මිලෙන් මුළු ඒකක ප්‍රමාණය ගුණකර ගාස්තු ගණනය සිදු වන්නේ නැහැ.

ඒ අනුව ඒකක 30 දක්වා ඒකකයකට රුපියල් 03 බැගින් අය කෙරෙනු ඇති. ඒකක 31 සිට 60 දක්වා ඒකකයකට රුපියල් 04 යි ශත 70 බැගින් අය කෙරෙනවා. ඒ අනුව ඒකක 60 දක්වා විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් සිදුවන්නේ නැහැ.

එහෙත් ඒකක 60 ට වඩා වැඩියෙන් පාරිභෝජනය කරන්නේ නම් ඒකක 60 දක්වා ඒකකයකට රුපියල් 10 බැගින් ගෙවිය යුතුයි. ඒකක 61 සිට 90 දක්වා ගෙවිය යුත්තේ ඒකකයට රුපියල් 12 යි. ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට රුපියල් 26 යි ශත 50 බැගින් ගෙවිය යුතු වනවා. ඒකක 121 සිට 180 දක්වා ඒකකයට රුපියල් 30 යි ශත 50 බැගින් ගෙවිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. ඒකක 180 ට වැඩි නම් ඒකකයකට රුපියල් 42 බැගින් ගෙවිය යුතුයි.

ඒකක 30 දක්වා ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% ක් වන අතර, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30 ක්. ඒකක 31 සිට 60 දක්වා ඉන්ධන ගැලපුම් ගාස්තුව 35% යි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60 යි. ඒකක 61 සිට 90 දක්වා ඉන්ධන ගැලපුම් ගාස්තුව 10% ක් වන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 90 ක්. ඒකක 91 සිට 120 දක්වා සහ 121 සිට 180 දක්වා ඉන්ධන ගැලපුම් ගාස්තුව 40%  බැගින් අය වී මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 315 බැගින් අයවනවා. ඒකක 180 ට වඩා වැඩි නම් ඉන්ධන ගැලපුම් ගාස්තුව 40% ක් වූවත්, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 420 ක්.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රකාශ කළේ වැඩි කළ විදුලි ගාස්තුවට එරෙහි වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මැයි 21 කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. එහිදී අදහස් දැක්වූ එම කමිටුවේ සම කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ.

[MP3]s58665_1[/MP3]          


මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලිබල මාෆියාව අවසන් කරන තුරු විදුලිබිල සම්බන්ධයෙන් ජනතාවට සහන ලබා දිය නොහැකි බවයි.

[MP3]s58665_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories