ජාතික නිදහස් පෙරමුණෙන් ජනපතිට තවත් ඉල්ලීමක්.

Thursday, 09 May 2013 - 19:13

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

13 වන සංශෝධනයේ ඇති බෙදුම්වාදයට හිතකර වගන්ති සංශෝධනය නොකර උතුරේ පළාත් සභා ඡන්දය නොපවත්වන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග රැසක් තම පක්ෂය දියත් කරන බවයි.


පවතින පළාත් සභා නීති රීති යටතේ උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් දෙමළ ජාතික සන්ධානය අතට බලය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා අද (09) සඳහන් කළා.

[MP3]s58671_1[/MP3]     

ඇමරිකාව, දකුණු ආසියාව සිය මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමට දරණ උත්සාහයට වර්තමාන ඉන්දියානු නායකයින් සහය පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා. මාලදිවයින, ඇමෙරිකානු යුද කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ සැලසෙන ගිවිසුමකට ඉන්දියාව ඉඩ දෙමින් සිටින බව ද ඔහු කියා සිටියා.

[MP3]s58671_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories