වෛද්‍ය උපාධිය රැකගන්න අන්තරෙන් උද්ඝෝෂණ.

Friday, 10 May 2013 - 7:49

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.


 

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඉදිරියේදී ජනතාවද ඒකාරාශී කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශේෂයෙන්ම වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීම රජය වහා අත්හිටුවිය යුතු බවයි. කොළඹ, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, රුහුණ සහ පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨ සිසුන් ඊයේ විශ්වවිද්‍යාල ඉදිරිපිටදී උද්ඝෝෂණවල නිරත වුණේ මුදලට උපාධි ලබාදීමට විරෝධය පළ කරමින්. එමෙන්ම, මෙරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා මුදලට සිසුන් බඳවා ගැනීමට එරෙහිව තමන් ද විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා.

 

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා ව්‍යාපාර පිළිබඳව පැහැදිලි කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සංජීව බණ්ඩාර.

[MP3]s58680[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories