ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් සංවිධාන වාර්තාව ඇගයීම ලබන මස අවසන්.

Friday, 10 May 2013 - 12:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

යුද්ධයේ අවසන් සමයේදී ජගත් සංවිධානය මෙරට ක්‍රියා කළ ආකාරය පිළිබඳව සොයා බැලූ චාල්ස් පෙට්රි වාර්තාව ඇගයීමේ කටයුතු ලබන මස අවසන් කිරීමට හැකිවනු ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් යාන් එලියසන් ප්‍රකාශ කළා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ වාර්තාව ඇගයීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර අද (10) දිනයේද ඒ පිළිබඳව පැය එකහමාරක වීඩියෝ සංවාදයක් සිදුකරන බවයි. ජගත් සංවිධානයෙන් පිටත විද්වතුන්ගෙන් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනෙනවා. ජගත් සංවිධානය යුද්ධය අවසන් සමයේදී ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ ආකාරය පසුබෑමක් ලෙසයි පෙට්රි වාර්තාව මගින් ප්‍රකාශ කෙරුණේ. එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම වාර්තාව ඇගයීමේ අරමුණ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා කියා සිටියා.

[MP3]s58709[/MP3]

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා චාරිකාව සිදුවන්නේ කවදාදැයි ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් යොමුවුණා. නියෝජ්‍ය මහ ලේකම් යාන් එලියසන් එහිදී කියා සිටියේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග තවදුරටත් සාකච්ජා කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories