කෝටි 105 ක් වංචා කළ සක්විතිට ඇප.

Friday, 10 May 2013 - 12:49

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+105+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.


තැන්පත්කරුවන් 3000 කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 105 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි සක්විති රණසිංහ අද (10) ඇපමත මුදා හැරුණා. ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ හමුවට සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ඒ අනුව රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොහු මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේ. එමෙන්ම මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මීට පෙර කොළඹ මහාධිකරණය විසින් සක්විති රණසිංහට බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් පසුගිය ජනවාරි මාසයේදී නියම කළා. ඒ, බහු විවාහ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories