විසි එක වර්ජනයට දෙමළ සන්ධානයේත් සහය.

Friday, 10 May 2013 - 18:56

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%91%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව වෘත්තී සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මේ මස 21 වන දා කැදවා ඇති දීප ව්‍යාප්ත වර්ජනයට තමන් ද සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානය අද (10) ප්‍රකාශ කළා. ඒ, එම කමිටුවේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකදියි. සාකච්ඡාව පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්.

 

[MP3]s58743_1[/MP3]                                                                                 

 

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව රජයට බල කරන්නේ ඉහළ දැමූ විදුලිගාස්තුව සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසයි. අද (10) පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් එම කමිටුවේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ද අදහස් පළ කළා.

 
[MP3]s58743_2[/MP3]           



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories