13, සංශෝධනය කළොත් බලාගෙනයි - කොමියුනිස්ට් පක්ෂය.

Saturday, 11 May 2013 - 18:51

13%2C+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා සඳහා ලබා දුන් පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළහොත්, ඊට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්.සුදසිංහ කියා සිටියේ සිදුකළ යුත්තේ පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් බලතල ලබාදීම බවයි. උතුරු පළාත් මැතිවරණය නොපවත්වන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය දැනටමත් ප්‍රකාශ කර අවසන්. එහෙත්, කොමියුනිට්ස් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ උතුරු පළාත් මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි.

[MP3]s58790_1[/MP3]

මේ අතර, විදුලිබිල ඉහළ දැමීමට විරෝධය පළ කර විදුලිබිල වැඩිකිරීමට එරෙහි ජනතා ව්‍යාපාරය ලබන 15 වැනිදා පවත්වන විරෝධතාවයට තම පක්ෂය ද එක් වන බව කොමියුනිට්ස් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ සඳහන් කළා. ඔහු කියා සිටියේ විදුලිබිල අඩු කිරීමට රජය තීරණය කළත්, එමගින් මධ්‍යම ප්‍රාන්තික ජනතාවට සහන ලැබී නොමැති බවයි.

[MP3]s58790_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories