කොටි සන්නද්ධ අරගලය අත්වැරැද්දක්. - කේ. පී.

Sunday, 12 May 2013 - 12:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%9A%E0%B7%9A.+%E0%B6%B4%E0%B7%93.



වෙනම රාජ්‍යයක් සඳහා ක්‍රියාත්මක වූ සන්නද්ධ අරගලය ඉතිහාසයේ අත්වැරැද්දක් බව එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානී කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. පවසනවා. කිලිනොච්චියේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයේ සිට ඉන්දීය හින්දු පුවත්පතේ මීරා සිරිනිවාසන් වෙත සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ උතුරේ ළමුන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම දැන් තම අරමුණ බවයි. සෙන්චෝලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පවත්වාගෙන ගිය ළමා නිවාසයක්. කේ. පී. එහිදී තවදුරටත් සඳහන් කළේ 30 වසරක යුද්ධය උතුරේ අධ්‍යාපනය ආපස්සට රැගෙන ගිය බවයි. යුද්ධයෙන් පීඩාවට පත් ළමුන්ට අධ්‍යාපනය තුළින් නව ජීවිතයක් ලබාදිය හැකි බව කේ. පී. සඳහන් කළා.

1970 දශකයේදී එවකට තරුණ වියේ පසුවූ තමා වැනි පුද්ගලයන් දෙමළ සන්නද්ධ අරගලයට යොමු කරවාගැනීම සඳහා දෙමළ දේශපාලනඥයන් කටයුතු කළ බවයි ඔහු එහිදී කියා සිටියේ. තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය කණ්ඩායම් එක් කරගැනීම ඊට සමාන ක්‍රියාවලියක් ලෙසයි කේ. පී. හැඳින්වූයේ.  ශිෂ්‍ය කොටස් සිය අරගල සඳහා එක් කරගැනීම තමිල්නාඩු දේශපාලනඥයන් සිදුකරන බලවත් වරදක් බව පැවසූ කේ. පී. ඔවුන්ගේ උද්ඝෝෂණවලින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් සිදු නොවන බව ප්‍රකාශ කළා. තමිල්නාඩුවට ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ අරමුණු ඍජුව ඉටුකරගත නොහැකියි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් ඉන්දීය මධ්‍යම රජය සමග කටයුතු කළයුතු බවයි කුමරන් පද්මනාදන් පෙන්වා දෙන්නේ.
 
මෙරට වත්මන් දෙමළ දේශපාලනඥයන් සිය ක්‍රියාකාරකම් යාපනයට සීමා කර ඇති අතර යුද්ධයෙන් සැබෑ ලෙස පීඩාවට පත්වූ වන්නි ජනතාව අමතක කර ඇති බවටද ඔහු චෝදනාවක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories