පාකිස්ථාන මහ මැතිවරණ ජය නවාෂ් ෂරිෆ්ට.

Sunday, 12 May 2013 - 12:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%82%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%92%E0%B7%86%E0%B7%8A%E0%B6%A7.



පාකිස්ථානයේ ඊයේ පැවති මැතිවරණයෙන් නවාෂ් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට සිය පක්ෂය පරාජය වූ බව හිටපු ක්‍රිකට් ක්‍රිීඩක ඉම්රාන් ඛාන් පවසනවා. කෙසේ නමුත් ඔහුගේ පාකිස්ථාන ටෙහරික් ඉන්සාෆ් නොහොත් පී. ටී. අයි. පක්ෂය මීළඟ පාකිස්ථාන පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්ෂය බවට පත්වනු ඇති. මැතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් නොවූවද පාර්ලිමේන්තු ආසන 272 කින් අවම වශයෙන් ආසන 110 ක් වත් නවාෂ් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට හිමිවනු ඇතැයි අපේක්ෂිතයි. පී. ටී. අයි පක්ෂය සහ සර්දාරිගේ පාකිස්ථාන මහජන පක්ෂය ආසන 40 කට අඩු සංඛ්‍යාවක් ලබාගනු ඇති බවයි පාකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාකිස්ථාන පාර්ලිමේන්තුව ආසන 342 කින් සමන්විත වන අතර ඉන් 272 ක් මැතිවරණයෙන් ඍජුවම තෝරා ගැනෙනවා. ඉතිරි ආසන 70 කාන්තාවන් සහ මුස්ලිම් නොවන අයට වෙන් කෙරෙන අතර එම ආසන පක්ෂ අතර බෙදී යන්නේ මැතිවරණයේදී ලබා ගන්නා ප්‍රතිඵල අනුවයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට ආසන 137 ක් හිමිකර ගත යුතුයි.

 

මැතිවරණයේ නවතම ප්‍රතිඵලවලට අනුව නවාෂ් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට ප්‍රතිඵල ප්‍රකාශිත ආසන 164 කින් 93 ක බලය හිමිවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories