උතුරේ අවතැන්වූවන්ට ජන්ද බලය හිමිවන නව පනතක්.

Sunday, 12 May 2013 - 18:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.

උතුරු පළාතේ අවතැන්වූවන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ජන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය සූදානම් වනවා. ඊට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමි වූ බවයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කළේ.

අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව 1983 වසරේ සිට උතුරේ අවතැන්වූවන්ට මෙම පනත සම්මත වූ පසු සිය මුල් පදිංචි ප්‍රදේශ තුළ ජන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. යමෙකු අවතැන් වූ බවට සනාථ කළ හැකි නම් එම පුද්ගලයන්ට ජන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට විශේෂ ජන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අධිකරණ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ලබන සැප්තැම්බරයේ දී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයට පෙර එය සකස් කිරීමට හැකි වනු ඇති බව ද එම ප්‍රකාශකයා කියා සිටියා. ඒ අනුව අවතැන්වූවෙකුගේ නම වෙනත් දිස්ත්‍රික්කයක ජන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව ඇත්නම් ලබන ජුනි මාසයේ දී මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන සංශෝධනයකදී ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් උතුරේ පදිංචිව සිටි මුස්ලිම් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් සහ සිංහල ජාතිකයන් 25,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් පලවා හැරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර උතුරු පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබදව මේ දිනවල දේශපාලන පක්ෂ විවිධ මත පළ කරනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මැණික්හින්නේ අද (12) පැවැති රැස්වීමකදී කියා සිටියේ  ආණ්ඩුව උතුරේ මැතිවරණය නිවැරදි අයුරින් නොපැවැත්වුවහොත් අර්බුද රැසක් මතුවන බවයි. කෙසේ වෙතත්, 13 වන සංශෝධනය වෙනස් කර පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කර එම මැතිවරණය පැවැත්විය යුතු බවටත් ඇතැම් පක්ෂ යෝජනා කරනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් උතුරේ මැතිවරණය පිළිබද දැක්වූ අදහස්..
 
[MP3]s58844[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories