සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට.

Monday, 13 May 2013 - 18:53

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%A7.

බෙංගාල බොක්කේ ඇති වූ සුළි කුණාටු තත්ත්වය එහි කේන්ද්‍රයේ සිට උතුරු දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවෙන් තරමක් ඈත්වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එහි බලපෑම ඉදිරි දින දෙක තුළත් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. මෙය මහසෙන් සුළි කුණාටුව ලෙස දකුණු ආසියානු කලාපීය කාලගුණ මධ්‍යස්ථානය නම් කළත්, අද (13) සිට එම නම ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. ඒ, රජරට වැසියන් මින්නේරිය දෙවියන් ලෙස අදහන මහසෙන් රජුගේ නම සුළි කුණාටුවකට යෙදීම පිළිබද මහා සංඝරත්නයෙන් නැගුණු විරෝධයත් සමගයි.

 

කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික් රැසක සහ රට අභ්‍යන්තරයේ තද සුළං සහ වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

[MP3]s58905_1[/MP3]                                                                  

 

මේ අතර, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර ප්‍රකාශ කළේ.

 

[MP3]s58905_2[/MP3]                                                            

 

කළු ගෙඟ් ජල මට්ටම ද මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. රත්නපුර නගරයේ අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර, රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන සහ අයගම යන ගඟ අවට ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ නිවාස 27කට ද දැඩි සුළගින් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සදහන් කළා.

 

[MP3]s58905_3[/MP3]                                                         

 

නැගෙනහිර මුහුදේ කාලගුණ තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ධීවරයන් දුෂ්කරතා රැසකට මුහුණපෑවා. අවධානමට මුහුණ දුන් ධීවර යාත්‍රා 150කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ඔලූවිල් වරාය වෙත පැමිණ තිබෙනවා. ඒ අතර ගාල්ල, මාතර ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා ද පවතින බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් ප්‍රකාශ කළේ.

 

[MP3]s58905_4[/MP3]                                                                           

 

අවදානමට මුහුණ දුන් ධීවරයෙකු ද හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s58905_5[/MP3]                                                                   

 

මේ අතර, මධ්‍ය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිටියේ පස් කඳු කඩා වැටීම හේතුවෙන්. රාත්‍රී කාලයේ එම මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා.

 

[MP3]s58905_6[/MP3]                                                               

 

සුළං තත්ත්වය හේතුවෙන් ද ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වුණා. මීගමුව, කදිරාන, ළමා සහ මාතෘ සායන ගොඩනැගිල්ලට පොල් ගසක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූ ළමයින් 6 දෙනෙකු ඇතුළු දස දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම ස්ථානයේ සිටි මව්වරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස සිය අත්දැකීම පැහැදිලි කළා.

 

[MP3]s58905_7[/MP3]                                                                 

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ද මේ වන විට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතිනවා. ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කරනු ලැබුවා. කන්තලේ, කවුඩුල්ල සහ මින්නේරිය ජලාශයේ ජල මට්ටම පිළිබදව ද අවධානයෙන් පසුවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියේ.

 

[MP3]s58905_8[/MP3]                                           

 


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදට ඔබ්බෙන් බෙංගාල බොක්කේ ඊසාන දෙසට ඇදෙන සුළි කුණාටුව තමිල්නාඩුවේ වෙරළාසන්නව පිහිටි චෙන්නායි නගරය මඟ හරිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කළා. එහි බලපෑමෙන් තමිල්නාඩුවට දැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බවයි ඔවුන් කියා සිටියේ. සුළි කුණාටුව අද (13) උදෑසන වන විට පිහිටා තිබූයේ චෙන්නායි නගරයට කිලෝමීටර් 700ක් ගිනිකොන දෙසින්. සුළි කුණාටුව අද (13) දිනය තුළ ඊසාන දිශාව ඔස්සේ බංග්ලාදේශ - මියන්මාර වෙරළ ප්‍රදේශය වෙත යොමු වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. අන්දමන් සහ නිකොබාර් දිවයින්වලට ද සුළි කුණාටුවේ බලපෑම ඇති විය හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories