අභියෝගය භාර ගන්නේ නෑ. - ඇමති විමල් වීරවංශ.

Tuesday, 14 May 2013 - 7:34

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81.

බොදුබල සේනා සංවිධානය එල්ල කරන අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව හැටන් - ලිදුල ප්‍රදේශයේ පසුගිය දා පැවැති උත්සවයකදී අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියා.

 

බොදුබල සේනා සංවිධානය ඊයේ (13) කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී  ඊට ප්‍රතිචාර දැක්වූවා.  එහිදී එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ තමන් නෝර්වේ රාජ්‍යයෙන් මුදල් ලබාගෙන ඇත්නම් එය වහා හෙළි කරන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයාට අභියෝග කරන බවයි.

 

[MP3]s58914_1[/MP3]

 

කෙසේ වුවත් කොටුව දුම්රියපොළේ දී ඊයේ (13) පැවැති අත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට එක්වූ අවස්ථාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා බොදුබල සේනා සංවිධානයේ එම අභියෝගයට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.

 
[MP3]s58914_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories