සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ඇණ හිටින ලකුණු.

Tuesday, 14 May 2013 - 7:39

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

ලබන 16 වන දා වන විටත් බොරතෙල් නොලැබුණහොත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමට සිදුවන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන බවට පැතිර යන ආරංචි පිළිබද කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින්. ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බොරතෙල් නියමිත පරිදි ගෙන්වීමට බලධාරීන් අපොහොසත්වීම තුළින් මෙම තත්ත්වය මතුව ඇති බවයි. එම නිසා මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු සීමා වී ඇති බව ද එම වෘත්තීය සමිති ප්‍රකාශ කළා. මේ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජය වගකීම භාර ගත යුතු බවයි.

 

[MP3]s58916_1[/MP3]
 

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුතු කිහිපයක් ද සිදුකිරීමට නියමිත බවයි. ඒ අනුව මේ වන විට ඇණවුම් කර ඇති බොරතෙල් තොගය නොලැබුණහොත් ලබන 16 වන දා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිව අත්හිටුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 
[MP3]s58916_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories