කැළණි සහ කළු ගංඟා අවට සුළු ගං වතුර තත්ත්වයක්.

Tuesday, 14 May 2013 - 12:35

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැළණි සහ කළු ගංඟාවල ජල මට්ටම මේ වන විට සුළු ගං වතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි එම ගංඟා දෙපස ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

 

[MP3]s58943_1[/MP3]                                                       

 

අද (14) පෙරවරු 8.30ට ආරම්භ වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කැනියොන් ප්‍රදේශටයි. එය මිලිමීටර් 409ක්. බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගියත් තවදුරටත් වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

 
[MP3]s58943_2[/MP3]                                                                   

 

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික් 7කට තවදුරටත් නාය යාමේ තර්ජන පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කෑගල්ල, මාතලේ, ගාල්ල, රත්නපුරය, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ තර්ජනයක් පවතින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 
[MP3]s58943_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories