General15 May 2013

පෙරටුගාමී පක්ෂයේ යළිත් අර්බුදයක් ඇතිවන ලකුණු.


 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යළිත් අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ හේතුවෙන් මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ. ඔවුන් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් සමග සාකච්ඡා කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. මීට පෙර ද එම පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද කිහිපයක් ඇති වුණා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පක්ෂය තුළ පවතින්නේ අභ්‍යන්තර සංවාදයක් පමණක් බවයි.

[MP3]s58982[/MP3]

Related recommendation
Hiru TV News | Programmes