General15 May 2013

සපුගස්කන්දේ පිරිපහදු කටයුතු අද සිට නවතියි.

සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කටයුතු අද (15) සිට තාවකාලිකව නවතා දැමීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා සදහන් කළේ අද (15) දහවල් වන විට පිරිපහදු කටයුතු මුළුමනින්ම අත්හිටුවීමට සිදුවන බවයි. ඩුබායි හි සිට මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාවක් කාර්මික දෝෂයකට ලක්වීම මීට ප්‍රධානම හේතුව බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

[MP3]s58984_1[/MP3]

කෙසේ වෙතත්, හෙට (16)වන විට බොරතෙල් නොලැබුණහොත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමට සිදුවන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මීට පෙර ප්‍රකාශ කළා. නියමිත කාලයට ප්‍රමාණවත් පරිදි බොරතෙල් ඇණවුම් නොකිරීමෙන් පිරිපහදු කටයුතු අත්හිටුවීමට සිදුවූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත කියා සිටියේ මේ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වන බවයි.

 
[MP3]s58984_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes