දකුණු ඉන්දීය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය අනාරක්ෂිත බව ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් 60 දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු මහ ඇමතිවරයාට සහ කේරළ ප්‍රාන්ත මහ ඇමතිවරුන්ට ලිපි යොමු කරමින්. එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලද රුසියාවෙන් ආනයනය කරන ලද උපකරණ ප්‍රමිතියකින් තොර බවයි. මෙම බලාගාරයේ කටයුතු ආරම්භ කිරීමට පෙර ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවා නිවැරදි පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා. බලාගාරයේ කටයුතු ආරම්භ වුවහොත් එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට අපහසුතාවයක් ඇති බව ඔවුන්ගේ අදහසයි. මෙම බලාගාරයේ ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක නළ පද්ධතියෙහි දෝෂ පවතින බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් විකිරණ කාන්දුවක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවටද ඔවුන් අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට මීට පෙර අවසර ලබා දී තිබෙනවා. එහෙත් තවමත් කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ආරම්භ වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වීමට ඉඩකඩ ඇති බව පවසමින් මෙරට පරිසර සංවිධාන රැසක් මෙන්ම හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ද එයට විරෝධය පළ කළා.
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද