කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය අනාරක්ෂිතයි.

Wednesday, 15 May 2013 - 12:47

%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

දකුණු ඉන්දීය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය අනාරක්ෂිත බව ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් 60 දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු මහ ඇමතිවරයාට සහ කේරළ ප්‍රාන්ත මහ ඇමතිවරුන්ට ලිපි යොමු කරමින්. එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලද රුසියාවෙන් ආනයනය කරන ලද උපකරණ ප්‍රමිතියකින් තොර බවයි. මෙම බලාගාරයේ කටයුතු ආරම්භ කිරීමට පෙර ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවා නිවැරදි පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා. බලාගාරයේ කටයුතු ආරම්භ වුවහොත් එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට අපහසුතාවයක් ඇති බව ඔවුන්ගේ අදහසයි. මෙම බලාගාරයේ ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක නළ පද්ධතියෙහි දෝෂ පවතින බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් විකිරණ කාන්දුවක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවටද ඔවුන් අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට මීට පෙර අවසර ලබා දී තිබෙනවා. එහෙත් තවමත් කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ආරම්භ වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

 

මෙම බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වීමට ඉඩකඩ ඇති බව පවසමින් මෙරට පරිසර සංවිධාන රැසක් මෙන්ම හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ද එයට විරෝධය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories