ආණ්ඩුවට පක්ෂව හා විපක්ෂව කොළඹ දී පාගමන් දෙකක්.

Wednesday, 15 May 2013 - 12:48

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

ඉහළ දැමූ විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා විදුලිබිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය අද (15) පස්වරුවේ විරෝධතා පා ගමනක නිරත වනවා. කැම්බල් පිටියෙන් ආරම්භ වන එම පාගමන අවසන් වීමට නියමිතව ඇත්තේ කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිටින්. මේ අතර, ආණ්ඩුවට සහය දක්වමින් තවත් විරෝධතා පා ගමනක් තවත් සුළු මොහොතකින් ලේක් හවුස් වට රවුම ආසන්නයෙන් ආරම්භ වනවා. එම පාගමන කොළඹ - කොටුව දුම්රියපොළ පසුකරමින් මරදාන දක්වා ගමන් කිරීමට නියමිතයි. මෙම විරෝධතා ආරම්භ කිරීමට පෙර එහි කැඳවුම්කරුවන් හිරු ප්‍රවෘත්ති අංශය සමග මීට සුළු මොහොතකට පෙර සංවාදයක නිරත වුණා. මේ, විදුලිබිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සහ ආණ්ඩුවට සහය දක්වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි එම සංවාදයේදී දැක්වු අදහස්.

 

[MP3]s59009[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories