General16 May 2013

පිරිපහදුව නැවැත්වීම ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් පරීක්ෂණයක්.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි  කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා සඳහන් කළේ පිරිපහදුවේ ගබඩා හිස්වන තුරු බොරතෙල් ආනයනය නොකිරීම ගැටළුවක් බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

 

[MP3]s59042[/MP3]

 
පිරිපහදු කිරීම සඳහා බොර තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 05 ක් තාවකාලිකව වසා දැමීමට සංස්ථාව ඊයේ තීරණය කළා.

Related recommendation
Hiru TV News | Programmes