සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්යක්ෂ සුසන්ත ද සිල්වා සඳහන් කළේ පිරිපහදුවේ ගබඩා හිස්වන තුරු බොරතෙල් ආනයනය නොකිරීම ගැටළුවක් බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයා හිරු ප්රවෘත්ති අංශය වෙත කියා සිටියේ.
[MP3]s59042[/MP3]
පිරිපහදු කිරීම සඳහා බොර තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 05 ක් තාවකාලිකව වසා දැමීමට සංස්ථාව ඊයේ තීරණය කළා.
Follow US
Most Viewed Stories