ආනයනික කිරිපිටිවලට රසායනාගාර සහතිකය අනිවාර්ය කෙරේ.

Thursday, 16 May 2013 - 7:31

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

මෙරටට ආනයනය කරන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නැමති රසායනිකය අන්තර්ගත නොවන බවට සහතික කරගැනීම සඳහා පිළිගත් රසායනාගාරයක් මගින් කරන ලද පර්යේෂණ තුළින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව සඳහන් කළේ කිරි පිටි ආනයනය කර වෙළඳ පොළට මුදාහැරීමෙන් පසුව සාම්පල් ලබාගැනීමක්ද සිදුකරන බවයි. ආනයනික කිරිපිටි වර්ග පිළිබඳව දැනට පැන නැගී ඇති ගැටළු සහගත තත්ත්වය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.  එම අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි වෛද්‍ය පාලිත මහීපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

කිරිපිටිවල අඩංගුවන ඩයිසයිනමයිඞ් සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා වාර්තාවක් සකස් කිරීමට අනු කමිටුවක්ද පත් කිරීමට පියවර ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories