සිරියාවේ දේශපාලන වෙනසකට ජගත් සංවිධානයෙන් යෝජනාවක්.

Thursday, 16 May 2013 - 7:46

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

සිරියාව තුළ දේශපාලන වෙනසක් සිදුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. සිරියාව තුළ වර්තමානයේ මානව හිමිකම් උල්ලංගණය වීම් බහුල ලෙස සිදුවීම හේතුවෙන් මෙවැනි දේශපාලන වෙනසක් සිදුවිය යුතු බවටයි අදාළ යෝජනාවෙහි සඳහන්ව ඇත්තේ. මෙම මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලට සිරියාවේ වත්මන් පාලක බෂාර් අල් අසාද් ඍජුව වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ යෝජනාව මගින් පෙන්වාදී තිබෙනවා. අරාබි රටවල්වල මුලිකත්වයෙන් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් වූ බව විදෙස් වාර්තාවල සඳහන්.

 

කෙසේ වුවත් රුසියාව පෙන්වා දී ඇත්තේ සිරියාවේ වත්මන් පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙවැනි යෝජනාවක් සම්මත කරගැනීම අසාධාරණ බවයි. සිරියානු රජයේ පාර්ශවය මෙන්ම අභ්‍යතර කැරළිකරුවන්ද මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලට එකලෙස වගකිව යුතු බවයි රුසියාව සඳහන් කර ඇත්තේ. පසුගිය වසර දෙකක කාලසීමාව තුළ සිරියාවේ ඇතිවූ අභ්‍යන්තර ගැටුම්වලින් පුද්ගලයන් 80 000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව  තවත් ලක්ෂ ගණනක් තුවාල ලබා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories