Sports16 May 2013

අයි. පී. එල්. ක්‍රීඩකයන් 3 කට මුදලට තරඟ පාවාදීමේ චෝදනා.


 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගිවන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීසාන්ත් ඇතුලූ ක්‍රීඩකයින් තිදෙනෙකු මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජස්ථාන් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන බොලිවුඞ් නිලි ශිල්පා සෙට්ටි පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ඉන්දීය පොලීසියට භාරදී ඇති බවයි. එමෙන්ම අදාළ සියලූ තොරතුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදී ඇති බවද ඇය සඳහන් කර තිබෙනවා. කෙසේ වුවත් මෙම ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ඔවුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පසුබට නොවන බවයි ශිල්පා සෙට්ටි වැඩිදුරටත් පවසන්නේ.

Related recommendation
Hiru TV News | Programmes