බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාව දිහා අන්වීක්ෂයෙන් බලයි.

Thursday, 16 May 2013 - 12:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අන්වීක්ෂයකට යටත් කර සොයාබැලීමට තම රජය බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නික් ක්ලෙග් පවසනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රිී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් තමන් ඇතුලූ බහුතරයක් විරෝධතාවය පළ කරන බවයි නියෝජ්‍ය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වුවත් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන චෝදනාවලට පිළිතුරු ලබාදීමට ලක් රජයට සිදුවනු ඇති බව නියෝජ්‍ය අගමැති නික් ක්ලෙග් තවදුරටත් බ්‍රිතාන්‍ය මැති සබයේදී අවධාරණය කර සිටියා.

මේ අතර යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ තානාපති පී එම් අම්සා චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා වැඩසටහන පිළිබඳ අදහස් දක්වා සිටියා. ඔහු එහිදී සඳහන් කළේ චැනල් ෆෝ වැඩසටහන සඳහා යොදාගත් වීඩියෝ දර්ශණයන් හි සංස්කරණය නොකළ වීඩියෝ දර්ශණ තමන් වෙත ලබාදිය යුතු බවයි. එවැනි සංස්කරණය නොකළ දර්ශන ලබා දෙනවා නම් මේ සම්බන්ධයෙන් සාර්ථක පරීක්ෂණයක් පැවැත්විය හැකි බවයි ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ.
 
කෙසේ වුවත් ලක් රජය, චැනල් ෆෝ නාලිකාව මෙරට යුද්ධයේ අවසන් දින කිහිපය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා වැඩසටහන් ප්‍රතික්ෂේප කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories